
ඉලොන් මස්ක්ගේම ස්පේස් එක්ස් (SpaceX) රොකට් සමාගමේ තාක්ෂණික සහාය ද යොදා ගනිමින්, නිපදවන ලද මෙම අලුත්ම විදුලි මෝටර් රථය, 'රෝඩ්ස්ටර්' (Roadster) යන නමින් හැදින්වෙයි.
'රෝඩ්ස්ටර්' (Roadster) විදුලි මෝටර් රථය පසුගියදා එළිදක්වන ලද්දේ සමස්ත ලෝකයම මවිතයට පත් කරමිනි.
විශේෂ චූෂණ (Suction) පද්ධතියක් ආධාරයෙන් මතුපිට යටිකුරු බෑවුමක වුවද නොවැටී ධාවනය කිරීමටත්, රථයේ සවිකර ඇති රොකට් තෙරපුම් (Thrusters) උපකාරයෙන් වාතයේ කැරකෙමින් ලොරි රථ ඇතුළු අනෙකුත් වාහනවලට ඉහළින් පනින්න (පියාසර කරන්න) මෙම රථයට හැකියාව ඇත.
පැයට කිලෝමීටර් 370 කට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි අතර, තත්පර එකකටත් අඩු කාලයකදී පැයට කිලෝමීටර් 97 ක වේගයක් ලබා ගැනීමට මෙම මෝටර් රථයට පුළුවනි.
වසර ගණනක ප්රමාදයකින් පසුව සිදු කෙරුණු මෙම අද්විතීය එළිදැක්වීම පිටුපස විශාල වාණිජ හෝ මූල්යමය වාසියකට වඩා පවතින්නේ ටෙස්ලා සමාගමේ තාක්ෂණික කුසලතාව ලෝකයට පෙන්නුම් කිරීමේ අරමුණය.
මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීය. ටෙස්ලා සමාගම මේ වන විට තමන්ගේ ප්රධාන අවධානය ස්වයංක්රීය රොබෝ තාක්ෂණය දෙසට යොමු කරමින් සිටිය ද, සමාගමේ උසස් තාක්ෂණික නිපුණතාව පෙන්නුම් කරන ප්රධානම සංකේතය (Halo car) බවට පත්වන්නේ මෙම රෝඩ්ස්ටර් රථයයි.
'රෝඩ්ස්ටර්' (Roadster) මෝටර් රථය ලොවට හදුන්වා දීමත් සමග, ටෙස්ලා සමාගමේ කොටස් අගය ද ඉහළ ගිය බව වාර්තා වේ.
'රෝඩ්ස්ටර්' (Roadster)
පියාඹන මෝටර් රථයක් වෙන්කරවා ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා මාදිලි තුනකින් එය ඉදිරිපත් කර ඇත. ඒ සදහා ඇමෙරිකානු ඩොලර් 50,000 ක (ශ්රී ලංකා රුපියල් කෝටි 1.5 ක් පමණ) තැන්පතුවක් තැබිය යුතුය.
වැඩිදියුණු කළ 'රෝඩ්ස්ටර්' (Roadster) රථයක් සදහා ඩොලර් 250,000 ක (ශ්රී ලංකා රුපියල් කෝටි 7.5 ක් පමණ) තැන්පතුවක් අවශ්ය බව පැවැසෙයි.
CNN ඇසුරිනි